Monday, December 2, 2013

නුඹට සුබ පතමි


දෙකොපුල් හරහා ගලනා මේ උණු කදුළු බිදු
නොපෙනෙන දුරකින් සිටියත් නුඹ අද දිනදි
මතකේට නැගෙනා ඔය රුව පෙර පරිදි
සිහිවන විට වැළපෙයි හද මඩළ රිදුම් දිදි

නෙතට උළෙලක් උනා නුඹ පෙර දිකදි
ප්‍රේමයේ මුලකුරු ඔබයි කියා දුන්නේ මගේ දිවියේදි
ඇගේ අතගෙන ගියත් අද වෙන්වි..........
නැගෙන සුසුමන් සිතේ සිරකර
නුඹට සුබ පතමි...........

වරම

සුමුදු සළුවක ඇළුණු පාට පොද
කොදමල් විසිරේදො
නේක සිතුම් මැද
ඇදුණු නුඹේ රුව
සුළගට මුහුවෙදො
සිතේ පැතුම් පොදි
ඉවත ගියත් සද
හදේ උපන් රෘව
නැවත දකින්නට
වරමක් හිමිවෙදො

Tuesday, October 8, 2013

සබඳිනි රැගෙන එනු මැන ඒ අහිමි හිත


ලෙන්ගතු කමට මම බැන්දත් නුඹට සිත
ගන්නට බැ නමුඳු පෙරලෙස නුබේ අත
නුදුටුව විලස සිටියත් මම නුබේ වත
ලොවටම හොරා වැළපෙනවා මගේ හිත

දහසක් අකුරු ලීවත් මම නුබ වෙත
අකුරක්වත් නොදකි නුබේ නේත
ඔබ සැම දෙනා සැඳුවත් මගේ හිත
සබඳිනි රැගෙන එනු මැන ඒ අහිමි හිත

පෙරදින පැමින ඉල්ලුවිට මගේ හිත
දෙහිතක් නැතුව පිදුවා මම මගේ හිත
වැල්ලේ තනපු මාළීග සේ කඩා හිත
මා හැර දමා ඔහු ගත්තේ ඇගේ අත

Monday, October 7, 2013

නුඹ එන්න මා සමග මේ ගමන දුර යන්න

මල් පිපුණු හිමිදිරියේම 
පිණි දියර ඉසිමින්ම 
සිතලට ගුලි නොවන
පුන්චි සමනළුන් සේම
ආසයි මටත් එහෙම
පියඹන්න අහසේම

අරුණැල්ල සේ එන්න
මුදු සිසිල විද ගන්න
නුඹ එන්න මා සමග 
මේ ගමන දුර යන්න


Friday, September 20, 2013

පුංචි වැහිලිහිනය

ජීවිතේ හීන පොඩි හිත යටට ගුලි කරන්
නැගෙන සුසුමන් වා තාලයට මුසු කරන්
හිනැහෙන්න බෑ නුඹව අමතක කරන්
පුංචි වැහිලිහිනය මංමුළාවී ගොසින්
නිල් ගුවන නිල් සයුර සමග ඇය උරණයි ඉතින්
අරුණෝදේ දිලිහෙන හිරු කිරණ නොපෙනේ පෙර ලෙසින්
මද සුළඟ ඇගේ තටු පිරිමදී රිසි ලෙසින්
මිහිරි ගී තාලයට ගයනු නොහැකිව ඇය දුකින්

 
20/09/2013