Wednesday, January 22, 2014

පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි ==================

                                                                                   පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි 
=============================================
ලෝකය බිහිවි ඇත්තේ මවගේ කිරි වලින් හා හිරුගේ රශ්මියෙන් බව මතයක් ඉඳිරිපත් වි ඇත. උත්තරීතර මව් සෙනෙහස ගැන කොතකුත් ගී පද රචනා, කවි,නිසදැස්, නිර්මාණ වි ඇත්තේ ඒ නිසාද විය හැකිය.ගෙදර බුදුන් මව ලෙස අප නිරතුරු ඇය පුදමු.
එහෙත් පිය සෙනෙහසට කව් ගී නිර්මාණ එතරම් බිහිවි ඇති බවක් දක්නට නැත. අකලංක මාතෘත්වයට අප බෙහෙවින් ගරු කරන්නෙමු. නමුත් උත්තරීතර පිතෘත්වය පිළිබඳ අප කතා නොකරන තරම්යද. මවක් දස මසක් කුසදරා දරුවකු මෙලොවට බිහි කරත් එම දරුවා සෙනෙහෙබර බිරිද පොෂණය කරන්නේ සැමියාය. දරුවන් වදන්නේ මවක් උනත් තනන්නේ පියාය. එවන් වු පිතෘත්වය ගැන අප කතා කරන්නේ අඩුවෙනි.
ලෝකයේ සංවේදී චරිතය මවය. දරුවන්ගේ සැම දුකක්ම,කඳුළක්ම නිතරම දකින්නෙ මව උනත් පියා දුක්, කඳුළු සේම දරුවන් ලබන ජයග්රහහන නිහඩව සම සිතීන් දරා ගැනිම ඔහුගෙ පිළීවෙතයි.
දරුවන්ගේ දුක්,සැප නියඩව දරා ගන්නා පියා සංවෙදී පුද්ගලයකු නොවේදැයි කාට නම් කිව හැකිද එයට හොදම උදාහරණය මහාචාර්‍යය එදීරිවීර සරච්චන්ඳ්රඩයන්ගේ සිංහබාහු නාටකයයි සරච්චන්ඳ්ර යන්ට එ සඳහා පාදක වී ඇත්තේ මහාවග්ග පාලියේ සදහන් පුවතකි.එහි සදහන් වන පරිදී බුදුන් වහන්සේ කපිල වස්තු පුරයට වැඩම කරන අවස්ථාවේදී නන්ද කුමරයත්,රාහුල කුමරයත් දෙදෙනම සාසනයට ඇතුලත් වුහ. සුද්ධෝවුන් රජ බුදුන් සමිපයට ගොස් මෙසේ කියන්නාහු
“ ස්වමිනි, නුඔ වහන්සේ ගිහි ගෙය හැරදා මට බොහෝ දුක් විය. නන්ද කුමරයා මහණ වුදා වඩාලත් විය. පුත්රස ප්රේනමය වනාහි හම සිඳ,මස සිඳ,නහර සිඳ,නහර සිඳ ඇට සිඳ,ඇට මිඳුලු තෙක් කිදා බැස එහි රැඳි සිටි.

පුත්රම සෙනේහස පිළීබද මුලික මෙසේ කියු වචන මාගේ සිංහබාහු නාටකයේ උපතයි.
“ පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුලට වැද
ඇට මිඳුලු රදා සිට
දුක් දෙයි නිබන්දා..............

පියවරුන්ගේ සෙනෙහස ගැන ලියවුනු මෙ ගිතයින් ගයනා කරනුයේ ටි.ම්. ජයරත්නයන් විසිනි.පිය සෙනෙහස මොනවට මෙහිදී පැහැදීලි වේ.
අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදීන් නු-ඕ ලෝකය එලිය උනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදි
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මම දැරුවේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුඳුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
මවකට මුවාවි නුඔ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ.
තීශා −

Monday, December 2, 2013

නුඹට සුබ පතමි


දෙකොපුල් හරහා ගලනා මේ උණු කදුළු බිදු
නොපෙනෙන දුරකින් සිටියත් නුඹ අද දිනදි
මතකේට නැගෙනා ඔය රුව පෙර පරිදි
සිහිවන විට වැළපෙයි හද මඩළ රිදුම් දිදි

නෙතට උළෙලක් උනා නුඹ පෙර දිකදි
ප්‍රේමයේ මුලකුරු ඔබයි කියා දුන්නේ මගේ දිවියේදි
ඇගේ අතගෙන ගියත් අද වෙන්වි..........
නැගෙන සුසුමන් සිතේ සිරකර
නුඹට සුබ පතමි...........

වරම

සුමුදු සළුවක ඇළුණු පාට පොද
කොදමල් විසිරේදො
නේක සිතුම් මැද
ඇදුණු නුඹේ රුව
සුළගට මුහුවෙදො
සිතේ පැතුම් පොදි
ඉවත ගියත් සද
හදේ උපන් රෘව
නැවත දකින්නට
වරමක් හිමිවෙදො

Tuesday, October 8, 2013

සබඳිනි රැගෙන එනු මැන ඒ අහිමි හිත


ලෙන්ගතු කමට මම බැන්දත් නුඹට සිත
ගන්නට බැ නමුඳු පෙරලෙස නුබේ අත
නුදුටුව විලස සිටියත් මම නුබේ වත
ලොවටම හොරා වැළපෙනවා මගේ හිත

දහසක් අකුරු ලීවත් මම නුබ වෙත
අකුරක්වත් නොදකි නුබේ නේත
ඔබ සැම දෙනා සැඳුවත් මගේ හිත
සබඳිනි රැගෙන එනු මැන ඒ අහිමි හිත

පෙරදින පැමින ඉල්ලුවිට මගේ හිත
දෙහිතක් නැතුව පිදුවා මම මගේ හිත
වැල්ලේ තනපු මාළීග සේ කඩා හිත
මා හැර දමා ඔහු ගත්තේ ඇගේ අත

Monday, October 7, 2013

නුඹ එන්න මා සමග මේ ගමන දුර යන්න

මල් පිපුණු හිමිදිරියේම 
පිණි දියර ඉසිමින්ම 
සිතලට ගුලි නොවන
පුන්චි සමනළුන් සේම
ආසයි මටත් එහෙම
පියඹන්න අහසේම

අරුණැල්ල සේ එන්න
මුදු සිසිල විද ගන්න
නුඹ එන්න මා සමග 
මේ ගමන දුර යන්න