Monday, December 2, 2013

නුඹට සුබ පතමි


දෙකොපුල් හරහා ගලනා මේ උණු කදුළු බිදු
නොපෙනෙන දුරකින් සිටියත් නුඹ අද දිනදි
මතකේට නැගෙනා ඔය රුව පෙර පරිදි
සිහිවන විට වැළපෙයි හද මඩළ රිදුම් දිදි

නෙතට උළෙලක් උනා නුඹ පෙර දිකදි
ප්‍රේමයේ මුලකුරු ඔබයි කියා දුන්නේ මගේ දිවියේදි
ඇගේ අතගෙන ගියත් අද වෙන්වි..........
නැගෙන සුසුමන් සිතේ සිරකර
නුඹට සුබ පතමි...........

වරම

සුමුදු සළුවක ඇළුණු පාට පොද
කොදමල් විසිරේදො
නේක සිතුම් මැද
ඇදුණු නුඹේ රුව
සුළගට මුහුවෙදො
සිතේ පැතුම් පොදි
ඉවත ගියත් සද
හදේ උපන් රෘව
නැවත දකින්නට
වරමක් හිමිවෙදො