Tuesday, October 8, 2013

සබඳිනි රැගෙන එනු මැන ඒ අහිමි හිත


ලෙන්ගතු කමට මම බැන්දත් නුඹට සිත
ගන්නට බැ නමුඳු පෙරලෙස නුබේ අත
නුදුටුව විලස සිටියත් මම නුබේ වත
ලොවටම හොරා වැළපෙනවා මගේ හිත

දහසක් අකුරු ලීවත් මම නුබ වෙත
අකුරක්වත් නොදකි නුබේ නේත
ඔබ සැම දෙනා සැඳුවත් මගේ හිත
සබඳිනි රැගෙන එනු මැන ඒ අහිමි හිත

පෙරදින පැමින ඉල්ලුවිට මගේ හිත
දෙහිතක් නැතුව පිදුවා මම මගේ හිත
වැල්ලේ තනපු මාළීග සේ කඩා හිත
මා හැර දමා ඔහු ගත්තේ ඇගේ අත

Monday, October 7, 2013

නුඹ එන්න මා සමග මේ ගමන දුර යන්න

මල් පිපුණු හිමිදිරියේම 
පිණි දියර ඉසිමින්ම 
සිතලට ගුලි නොවන
පුන්චි සමනළුන් සේම
ආසයි මටත් එහෙම
පියඹන්න අහසේම

අරුණැල්ල සේ එන්න
මුදු සිසිල විද ගන්න
නුඹ එන්න මා සමග 
මේ ගමන දුර යන්න